විශුද්ධි මාර්ගය ශීල කතා – 01

එවං අනෙකගුණසඞ්ගාහකෙන සීලසමාධිපඤ්ඤාමුඛෙන දෙසිතොපි පනෙස විසුද්ධිමග්ගො අතිසඞ්ඛෙපදෙසිතොයෙව හොති. තස්මා නාලං සබ්බෙසං උපකාරායාති විත්‍ථාරමස්ස දස්සෙතුං සීලං තාව ආරබ්භ ඉදං පඤ්හාකම්මං හොති.

 

කිං සීලං, කෙනට්ඨෙන සීලං, කානස්ස ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානි, කිමානිසංසං සීලං, කතිවිධං චෙතං සීලං, කො චස්ස සංකිලෙසො, කිං වොදානන්ති.

 

තත්‍රිදං විස්සජ්ජනං. කිං සීලන්ති පාණාතිපාතාදීහි වා විරමන්තස්ස වත්තපටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනාදයො ධම්මා. වුත්තඤ්හෙතං පටිසම්භිදායං “කිං සීලන්ති චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්කමො සීල”න්ති (පටි· ම· 1.39). තත්‍ථ චෙතනා සීලං නාම පාණාතිපාතාදීහි වා විරමන්තස්ස වත්තපටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනා. චෙතසිකං සීලං නාම පාණාතිපාතාදීහි විරමන්තස්ස විරති. අපිච චෙතනා සීලං නාම පාණාතිපාතාදීනි පජහන්තස්ස සත්ත කම්මපථචෙතනා. චෙතසිකං සීලං නාම “අභිජ්ඣං පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරතී”ති (දී· නි· 1.217) ආදිනා නයෙන වුත්තා අනභිජ්ඣාබ්‍යාපාදසම්මාදිට්ඨිධම්මා. සංවරො සීලන්ති එත්‍ථ පඤ්චවිධෙන සංවරො වෙදිතබ්බො පාතිමොක්ඛසංවරො, සතිසංවරො, ඤාණසංවරො, ඛන්තිසංවරො, වීරියසංවරොති. තත්‍ථ ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතොති (විභ· 511) අයං පාතිමොක්ඛසංවරො. රක්ඛති චක්ඛුන්‍ද්‍රියං, චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජතීති (දී· නි· 1.213) අයං සතිසංවරො.

 

 

 

මෙසේ නොයෙක් ගුණ සංග්‍රහ කෙරෙමින් ශීල සමාධි ප්‍රඥා වශයෙන් පවසන ලදුයේ නමුදු මේ විශුද්ධිමාර්ගය ඉතා සැකෙවින් දේශනා කරන ලද්දේම වේ. එහෙයින් මෙය සියල්ලනටම උපකාර පිණිස නොසෑහෙතැ’යි හඟිමින් විස්තරකොට දක්වනු පිණිස, පළමුකොට ශීලය අරබයා මේ ප්‍රශ්න කිරීම වේ.

ශීලය නම් කිමෙක්ද? කවර අරුතෙකින් ශීල නම් වේද? එහි ලක්‍ෂණ, රස (හෙවත් කෘත්‍ය), පච්චුපට්ඨාන (එළඹීම), පදට්ඨාන (ආසන්න කාරණය) යන මොහු කවරහුද? ශීලය කවර අනුසස් ඇත්තේද? මෙම ශීලය කෙතෙක් ආකාර ඇත්තේද? එහි මලිනවීම කවරේද? පිරිසුදුවීම කවරේද? 

 

එහි විසඳුම මෙසේයි: ශීල යනු කිමෙක්ද යත්, ප්‍රාණඝාතාදියෙන් වැලකෙන්නහුගේ හෝ වේවා, වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ වේවා, චේතනාදී ස්වභාවය ශීල නමි. කියනලදමැයි පටිසම්භිදාවෙහි: ‘ශීලය නම් කිම? චේතනාව ශීලයයි, චෛතසිකය ශීලයයි, සංවරය ශීලයයි, අව්‍යතික්‍රමය (කඩ නොකිරීම) ශීලයයි.’1 එහි චේතනා ශීලය නම්: ප්‍රාණඝාතාදියෙන් වලකින්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ චේතනාවයි. චෛතසික ශීලය නම්: ප්‍රාණාඝාතාදියෙන් වලකින්නහුගේ විරතියයි, යළිදු, චේතනාශීලය නම්: ප්‍රාණාඝාතාදිය හැරපියන්නහුගේ සප්ත (කුශල) කර්මපථ චේතනායි, චෛතසික ශීලය නම්, ‘අභිද්‍යාව හැරපියා අභිද්‍යාවෙන් මිදුණු සිතින් යුක්තව වාසය කරයි’2 ආදි නයින් කියන ලද අනභිද්‍යා, අව්‍යාපාද සම්‍යග්දෘෂ්ටි ධර්මයයි. සංවර ශීලය නම්: මෙහි පස් ආකාරයෙකින් වන සංවරය දතයුතුය: ප්‍රාතිමෝක්‍ෂ සංවරය, සති සංවරය, ඥාන සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යන මොහුය. එහි, ‘මේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් උපේත වූයේ, සමුපේත වුයේ’3යි යන ආදිය ප්‍රාතිමෝක්‍ෂ සංවරයයි. ‘චක්‍ෂුරින්‍ද්‍රිය රකියි, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි’4 යන මේ සතිසංවරයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *