නමස්කාරය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ..!! 

තස්ස – ඒ

භගවතො – භාග්‍යවත් වූ

අරහතො –  අරිහත් වූ

සම්මා සම්බුද්ධස්ස – සම්මා සම්බුදු රජාණන් වහන්සේට

නමො – නමස්කාර වේවා..!!

යො කප්පකොටීහිපි අප්පමෙය්‍යං;
කාලං කරොන්තො අතිදුක්කරානි;
ඛෙදං ගතො ලොකහිතාය නාථො;
නමො මහාකාරුණිකස්ස තස්ස.

{ කප්පකොටීහි අපි – කල්ප කෝටි ගණනකින් වූ ; අප්පමෙය්‍යං කාලං – පමණ කළ නොහැකි කාලයක් ; අතිදුක්කරානි කරොන්තො – අති දුෂ්කර ක්‍රියා කරනුයේ ලොකහිතාය – ලෝකයාට හිත සුව පිණිස ; ඛෙදං ගතො – කායික පරිශ්‍රමයට පැමිණියේ යො නාථො – යම් ඒ නාථයන් වහන්සේ නමක් වේ ද තස්ස මහාකාරුණිකස්ස – ඒ මහා කාරුණියන් වහන්සේට නමො – නමස්කාර වේවා..! }

අසම්බුධං බුද්ධනිසෙවිතං යං;
භවාභවං ගච්ඡති ජීවලොකො;
නමො අවිජ්ජාදිකිලෙසජාල-
විද්ධංසිනො ධම්මවරස්ස තස්ස.

{ බුද්ධනිසෙවිතං – බුදු රජාණන් වහන්සේ විසින් පිළිපදින ලද යං – පරියාප්ති සහිත නවලෝකෝත්තර සද්ධර්ම රත්නයක් අසම්බුධං – අවබෝධ නොකිරීම හේතු කොට ගෙන ජීවලොකො – සත්ත්ව ලෝකයා භවාභවං ගච්ඡති – භවයෙන් භවයට යයි අවිජ්ජාදිකිලෙසජාල  විද්ධංසිනො – අවිද්‍යාදී කෙලෙස් දැල් දුරු කරන්නා වූ ; තස්ස ම්මවරස්ස –  ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට නමො – නමස්කාර වේවා.! }

ගුණෙහි යො සීලසමාධිපඤ්ඤා-
විමුත්තිඤාණප්පභුතීහි යුත්තො;
ඛෙත්තං ජනානං කුසලත්‍ථිකානං;
තමරියසඞ්ඝං සිරසා නමාමි.

{ සීලසමාධිපඤ්ඤා විමුත්තිඤාණප්පභුතීහි – ශීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන ෂඩ් අභිඥා චතුපටිසම්භිදා ආදී ;

ගුණෙහි ගුණයන්ගෙන් ; යො – යම් ආර්ය සමූහයක් ; යුත්තො – යුක්ත වූයේ ද ; කුසලත්‍ථිකානං

ජනානං පින් කැමති ජනයන්ට ; ඛෙත්තං – කෙතක් බඳු වූ ; තං අරියසඞ්ඝං – ඒ ආර්ය සංඝයා වහන්සේ ; සිරසා නමාමි – සිරසින් නමස්කාර කරමි.!}

සාධු සාධු සාධු ..!

One thought on “නමස්කාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *